‘කුඩු ගහන ඇමතිවරුන් 24කගේ ලැයිස්තුවක් කතානායකවරයාට දුන්නා’ – රන්ජන් රාමනායක
කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 දෙනෙකුගේ තොරතුරු තමන් කතානායකවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව රන්ජන් රාමනායක මහතා මාදිවෙල පිහිටි සිය මන්ත්‍රී නිල නිවසේදී ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීහ. පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරුණු ආකාරය දුටු විට ඔවුන් කුමන හෝ මත්ද්‍රව්‍යයක් ගෙන ඇත්ද යන සැකය තමාටත් ඇතිවූ බව කතානායකවරයා තමන්ට පැවසූ බව ද රාමනායක මහතා ප්‍රකාශ කළේය. කොකේන් මෙතරම් පැතිරීමට දේශපාලනඥයන්ගේ ඍජු සම්බන්ධයක් තිබිය යුතුය බව කී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කරන විමර්ෂණ වෙනුවෙන් තමන්ගේ සහයෝගය ලබාදෙන බව ද කීවේය.
කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ද කොකේන් ආදී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අතර සිටින බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ කාර්ය මණ්ඩල සඟයන් මෙන්ම මෙරට ඉහළ රැකියා කරන ඇතැමුන්ද එම මත්ද්‍රව්‍ය භාවිත කරන බව සඳහන් කළේය. පරීක්ෂණවලට බාධාවක් නිසා තමන් එම නම් හෙළි නොකරන බව ද රන්ජන් රාමනායක මහතා පැවසීය.
වතු කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින බව කියන, පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ අසුනක් නියෝජනය කරන පක්ෂ නායකයෙක්ද කොකේන් භාවිත කරන ඇමතිවරු අතර සිටින බව කී රන්ජන් රාමනායක මහතා මීගමුව ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරයෙක් මත්ද්‍රව් ජාවාරමේ නිරත බවට ද තොරතුරු ලැබී ඇතැයි ප්‍රකාශ කළේය.
දේශපාලකයින් මෙන්ම ආගමික පූජකවරුන්ද මෙම මත්ද්‍රව්‍ය භාව කරන බවට තොරතුරු තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මාතලේ, පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්ක නියෝජනය කරන දේශපාලනඥයින් තිදෙනෙකු එතනෝල් ජාවාරමට සම්බන්ධ බවටත්, මත් පෙති වර්ග ගෙන්වන ඇමති පුතුන් සිටින බවටත් තොරතුරු තිබෙන බව ද හෙතෙම කීවේය.
එක්සත් ජාතික පක්ෂ්ය නියෝජනය කරන්නන් අතර ද මත්ද්‍රව්‍ය ලෝලීන් සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
කැබිනට් ඇමතිධූර හරහා කුඩු ව්‍යාපාර කර කොළඹින් තට්ටු නිවාස ගෙන සිටින අයත් සිටින බව කී රන්ජන් රාමනායක මහතා තමන්ට මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් විශ්වාස කළ හැක්කේ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර් ලතීෆ්, අපරාධ පරීක්ෂාණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශානි අබේසේකර මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙකු පමණක් බවද කීවේය.