ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‘මීලග ජනාධිපතිවරණයේ එජාප අපේක්‍ෂකයා ස්ථිරවම මමයි’- අගමැති රනිල්

මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා ලෙස තමන් ස්ථිරවම ඉදිරිපත් වන්නේ යයි පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි. පසුගිය 13 වැනි බදාදා සිය නිවසේදී අගමැතිවරයා මේ බව තම සමීපතම හිතවතුන් පිරිසකට පවසා ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

මෙසේ කැදවා ඇති පිරිස වික‍්‍රමසිංහ මහතා අතිශය වැදගත් තීරණාත්මක තීන්දු ගන්නා අවස්ථාවන්හිදී පමණක් කැඳවන පිරිසක් යයිද සදහන්ය.