මෛත්‍රි-මහින්ද අතර හදිසි හමුවක් අද රාත්‍රියේ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර අද (14) සවස හදිසි සාකච්ඡාවක් පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග කියයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම සාකච්ඡාව පැවැත්වෙන බව ද දැනගන්නට තිබේ.
සාකච්ඡාව පැවැත්වෙන වේලාව සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වාර්තාවේ. මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරන පක්ෂවල නායකයින්ගේ රැස්විමක් අද පෙරවරුවේ පවත්වා තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීම වළක්වමින් අබියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලීම අද(14) අවසන් කල ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු ඉල්ලා සිටි අතුරු තහනම් නියෝගය ලබාදීම ප්‍රතික්ෂේප කරන ලද අතර ඒ අනුව එම අතුරු තහනමට දිගටම ක්‍රියාත්මකවේ. එම නඩුව ජනවාරී 16 , 17 සහ 18 යන දිනවල විභාගයට ගැනීමට නියමිතය.
ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැත්වෙන මෙම සාකච්ඡාව ඉතා තීරනාත්මක එකක් වනු ඇතැයි දේශපාලන ආරංචි සදහන් කරයි.