ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

breaking news: මහින්දගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි – අගමැතිට ලබාදුන් අතුරු තහනම තවදුරටත්

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීම වළක්වමින් අබියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලීම අද(14) මීට සුළු මොහොතකට පෙර අවසන් කල ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු ඉල්ලා සිටි අතුරු තහනම් නියෝගය ලබාදීම ප්‍රතික්ෂේප කරන ලදි.

මේ අතර එහිදී පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙසට එජාපය ඉදිරිපත් කෙරුණු මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අගවිනිසුරුවරයාට යොමු කරන ලද බව වාර්තාවේ. ඒ අනුව ලබන ජනවාරී 16, 17 සහ 18 යන දිනවල මෙම නඩුව යලි කැදවීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දින නියම කරන ලදි.

මහින්ද රාජපක්ෂ  මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් පසුගිය 03 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය. එම නියෝගයට එරෙහිව එම අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් වූ අතර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පසුගිය 12 වැනිදා එය කැඳවා තිබුණි.

ඒ අනුව අභියාචනය අද(14) දිනයේ සලකා බැලිමට තීරණය කෙරුනු අතර එය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙස ඊයේ දිනයේ අධිකරණය මෝසමක් ඉදිරිපත් කෙරුණි. රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අදාල මෝසම ඉදිරිපත් කළ අතර අද පෙරවරුවේ ඊවා වනසුන්දර,බුවනෙක අලුවිහාරේ සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම මෝසම සලකා බැලීය.