ජනාධිපතිගේ ඊළඟ සැලැස්ම ගැන ජවිපෙන් ඉඟියක්..!
පාර්ලිමේන්තුවේ බහුතරයට ඉඩ නොදී බල තන්හාව වෙනුවෙන් රටම සුදූ පිටියක කරගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ අද (02) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.
බලහත්කාරයෙන් ආණ්ඩු හැදීම තහවුරු කර එය ජනතාව මතත් යෙදවීමට කටයුතු කළ හොත් තත්ත්වය ඉතාම බරපතල වන බව විල්වින් සිල්වා මහතා පැවසීය. එහෙයින් සියලු දෙනාම මෙම කුමන්ත්‍රණයේ අනතුර පැහැදිලිව තේරුම් ගත යුතු බව ඔහු කියා සිටියේය.
කුමන්ත්‍රණ නිර්මාණය කරන ලද ජනතධිපතිවරයාත් මහින්ද රාජපක්ෂ මහතාත් මෙම දේශපාලන අර්බුදය විසඳනවා වෙනුවට එය පවත්වාගෙන යාමට කටයුතු කරමින් සිටින බවයි ඔහු පෙන්වාදුන්නේ. රට ස්ථාවර කිරීමේ වගකීමක් ජනාධිපතිවරයා සතු වුවද ඔහු හැසිරෙමින් සිටින්නේ ‘රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වයනවා’ වැනි ආකාරයට බව ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
බලහත්කාරී ලෙස සෑදු ආණ්ඩුව බහුතරය නොමැති බව දැන දැනත් එම ආණ්ඩුව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩයම මහතා වෙහෙසක් දරමින් සිටින බවයි ඔහු කියාසිටියේ.
” අද රටට අගමැතිවරයෙක් නැහැ. හිටපු අගමැති ඉවත් කළා. පත්කරපු අගමැති ජනතාව, පාර්ලිමේන්තුව පිළිගන්නේ නැහැ. විශ්වාසභංග දෙකකින් අගමැති ඉවත් කළා. මහින්ද අගමැති කියලා පිළිගන්නේ මහින්දයි,මෛත්‍රී,වටේ ඉන්න කණඩායමක් විතරයි.”
කෙසේ’වෙතත් තමන්ට් එල්ල වී තිබෙන ව්‍යවස්ථා විරෝධී චෝදනාව පසෙකලා නව විශ්වාසභංග යෝජනාවක් සම්මතකර සම්පූර්ණ චෝදනාව මහින්ද රාජපක්ෂ මහතාට බැර කිරීමේ ජනාධිපතිවරයාගේ සූදානමක් පිළිබඳව ටිල්වින් සිල්වා මහතා පැවසීය.
” ජනාධිපතිවරයා විසින්ම සකස් කළ යෝජනාවක් 05 වැනිදා පාර්ලිමේන්තුවට ගෙන ඒමේ උත්සහයක් තිබෙනවා. තමන්ගේ බලය වෙනුවෙන් කරන දේශපාලන ක්‍රීඩාව නැවැත්විය යුතුයි. ගස් කපන,වැලි ගොඩදාන, ගල්කඩන, ප්‍රාදේශීයසභා සභාපතිවරයෙකු හෝ නොකරන මට්ටමේ කටයුතු තමයි මෛත්‍රීපාල සිරිසේන කරමින් ඉන්නේ.”
විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ කුමන්ත්‍රණ පරාජය කිරීම සඳහා පෙනී සිටින නමුත් ආණ්ඩු හදන ක්‍රියාවලියට සිය කණ්ඩායම සම්බන්ධ නොවන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම මාධ්‍ය හමුවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා ද එක්ව සිටියේය.
(Lanka News Web)