විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්දගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබද දේශපාලන විද්‍යා පාඩමක් – (වීඩියෝ)
අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පරමාධිපත්‍ය බලය හිමිවන්නේ පාර්ලිමේන්තුවට නොව ජනතාවට බවත් එම පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නැගෙන්නේ සර්ව ජන ජන්ද අයිතිය තුළින් බව පෙන්වාදෙන මහින්ද රාජපක්ෂ මහතා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ජනතාව ඒ ගැන සිතා බැලිය යුතු බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට අද (02) විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබද කරුණු ගෙනහැර දක්වමින් සඳහන් කළේය.
පාර්ලිමේන්තුව විසුරුවා හැර ජන්දයක් පැවැත්වීමෙන් විසුරුවා හරින පුද්ගලයාටද බලපෑමක් එල්ලවන හෙයින් කිසිම රාජ්‍ය නායකයෙක් හිතුමතේට පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැති බව රාජපක්ෂ මහතා සඳහන් කළේය. අස්ථාවර වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී රටක් නැවත ස්ථාවර කිරීමට ඇති එකම මෙවලම මහ මැතිවරණය පැවැත්වීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව යමින්, ජනාධිපතිවරයා 2018 නොවැම්බර් 09 වෙනි දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් පත්‍රයේ නොවැම්බර් 19 හා 26 අතර නාම යෝජනා භාර ගැනීමටත්, 2019 ජනවාරි 5 වෙනිදා ඡන්දය පැවැත්වීමටත්, නව පාර්ලිමේන්තුව ජනවාරි 17 වන දා මුල් වරට රැස්වීමටත්, දින වකවානු සියල්ලම නියම කර තිබූ අතර ඒ අනුව කටයුතු සිදුවූයේ නම් ඉතාම කෙටි කලකින් රට නැවත ස්ථාවර වන බව රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත.
වීඩියෝ දර්ශන උපුටා ගැනීම – Newsfirst




