ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජනපති සිරිසේනගේ ගැසට් පත්‍රයට එරෙහි නඩුවත් හෙට සිට විභාගය – තීන්දුව 07 වනදා.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණුකර ඇති පෙත්සම හෙට සිට දින තුනක් විභාගයට ගැණෙයි. සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම ලබන 06 වන දින දක්වා විභාගයට ගැනීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ශව 13 ක් විසින් අදාළ  පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින්  නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින්  ලබන 07 වන දින දක්වා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.