විනිසුරු-මහේස්ත්‍රාත් ඇතුළු අධිකරණ සේවා නිලධාරීන් 70කට ස්ථාන මාරු
දිසා විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරීන් 70කට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව පවසයි. වාර්ෂික ස්ථාන මාරු ක්‍රමවේදයට අනුව, 2019 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි එම කොමිසම සඳහන් කරන්නේ.
දිවයින පුරා පවතින පුරප්පාඩු ද සැලකිල්ලට ගනිමින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති අතර අදාළ ස්ථාන මාරුවීම් සම්බන්ධ අභියාචනා පවතී නම් ඒවා දෙසැම්බර් 07 වනදාට පෙර ඉදිරිපත් කළ යුතු බව ද අධිකරණ සේවා කොමිෂන් සභාව පෙන්වා දෙයි.