ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මහින්ද අගමැති ලෙස දිවුරුම්දී මාසයයි…! කිසිඳු රටකින් නිල පිළිගැනීමක් නෑ.

දේශපාලන කුමන්ත්‍රණයකින්  මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට ජනපති සිරිසේන විසින් පත්කර අදට (27) මාසයක් ගත වී තිබුණද, රාජ්‍ය  තාන්ත්‍රික සම්ප්‍රදාය අනුව කිසිදු විදේශ රටකින් මෙතෙක් ඔහුට හෝ ඔහුගේ ආණ්ඩුවට නිල වශයෙන් සුභ පැතුම් පණිවුඩ එවා නොමැති අතර ඒ හරහා පෙන්නුම් කරන්නෙ මෙම ආණ්ඩුවට ජාත්‍යන්තර පිලිගැනීමක් නොමැති බවයි..

ලංකා ඉතිහාසයේ මෙවැනි අපකීර්තියක් අත්කරගත් පළමු අගමැති ලෙසද ඉතිහාසගත වෙයි. එහි තවත් විශේෂත්වයක් වන්නේ අගමැතිධුරය දරා මාසයක් ගතවන විට පාර්ලිමේන්තුව තුළ ඔහුට බහුතරයක්ද නොමැති බවට විශ්වාසභංග යෝජනා දෙකක් සම්මතකර පෙන්වා තිබීමත් නිසාය.

ඒ ඇතුළුව මහින්ද නම් හොර අගමැතිට පාර්ලිමේන්තු බහුතරය නොමැති බව අවස්ථා 4කදී තහවුරුකර හමාරය. නමුත් කුමන්ත්‍රණ ආණ්ඩුවේ සිරිසේන ජනාධිපති තවමත් නින්දිත ඒකාධිපතියකු ලෙස හැසිරෙමින් එය පිළිනොගෙන සිටියි.

නමුත් ඔක්තෝබර් 26 දා කුමන්ත්‍රණයෙන් මහින්ද අගමැති ධුරයට පත්වීමෙන් පසු, 27 වැනිදා විදේශ කටයුතු අමාත්‍යංශයේ  නිලධාරීන් පිරිසක් හා රාජපක්ෂගේ ප්‍රචාරණ යාන්ත්‍රණයේ ජේෂ්ඨයින් පිරිසක් විදේශ රටවල් හා තානාපති කාර්යාල නිල වශයෙන් දැනුවත් කිරීම ආරම්භ කළ අතර, එහිදී  ලංකාවේ චීන තානාපතිවරයා හා පාකිස්තාන් මහ කොමසාරිස්වරයා පමණක් මහින්ද රාජපක්ෂ මහතා හමු වී සුභ පැතුම් එක්කර තිබේ.

එහෙත් එම රටවල් දෙකද නිල වශයෙන් සුභ පැතුම් පණිවුඩ මෙතෙක් එවා නැත. සාමාන්‍යයෙන් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සම්බන්ධකම් පවත්වන රටක ජනපතිවරයෙක් හෝ අගමැතිවරයෙක් පත් වූ විට නිල වශයෙන් සුභ පැතුම් පණිවුඩ නිකුත් කරන අතර, ඒවා මාධ්‍යටද  නිකුත් කරයි. මෙයින් පෙනී යන්නේ කිසිදු රටක් අත්තනෝමතික ලෙස අගමැති ධුරයට පත්වූ මහින්ද රාජපක්ෂ නිල වශයෙන් පිළිගැනීමට මෙතෙක් කටයුතු කර නැති බවයි.

ලංකාවේ චීන තානාපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණද, චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක ලූ කෑන්ග් මහතා මාධ්‍ය  හමුවකදී පවසා තිබුණේ ලංකාවේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මිත්‍ර රටක් ලෙස තමන් අවධානයෙන් සිටින බවයි.

සාකච්ඡා මගින් ලංකාවේ දේශපාලන අර්බුදය විසඳා ගනු ඇතැයි තම රට බලාපොරොත්තු වන බවද එම ප්‍රකාශකයා  පවසා තිබිණි.

පාකිස්තාන මහ කොමසාරිස්වරයා මහින්ද රාජපක්ෂ මුණ ගැසුණද, මෙරට පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ මෙරට දේශපාලන අර්බුදය කඩිනමින් විසඳා ගැනීමට සියලු පාර්ශ්වයන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවය. එම නිවේදනයේ අගමැති ධුරය පිළිබඳ කිසිදු සඳහනක් වූයේ නැත.

බුරුන්ඩි රාජ්‍ය මහින්ද රාජපක්ෂට නිල වශයෙන් සුභ පැතුම් එක්කර ඇති බව රූපවාහිනී මාධ්‍ය කිහිපයක්  වාර්තා කළ අතර, එහිදී කිසියම් විදේශීය පුද්ගලයකු පැමිණ මහින්ද රාජපක්ෂ මහතාට අතට අත දෙනු පෙන්වනු ලැබිණි. එහෙත් බුරුන්ඩි රාජ්‍යයේ  තානාපති කාර්යාලයක් ලංකාවේ නොමැති අතර, ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි එරට තානාපති කාර්යාලයේ සිටින්නේ කාන්තා තානාපතිනියකි. එම සුභ පැතුම් ප්‍රවෘත්තිය ද  මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක  කණ්ඩායම විසින් ගොතන ලද්දක් බව රාජ තාන්ත්‍රික ආරංචිමාර්ග සඳහන් කර සිටියි.