ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කොට්ටාවේදී STF සහ පාතාලය අතර වෙඩි හුවමාරුවක්..! දෙදෙනෙක් මරුට.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් කොට්ටාව, රුක්මල්ගම පාර අධිවේගී මාර්ගයේ ගුවන් පාලම යටදී සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැණීමට යාමේදි , සැකකරුවන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින්ට වෙඩි තැබීමක් සිදුකර ඇත.

එහිදී විශේෂ පොලිස් කාර්ය බලකායේ නිලධාරින් විසින් එල්ලකළ වෙඩි පහරින් සැකකරුවන් දෙදෙනෙකු මියගොස් ඇත. ඔවුන් තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමේදී දෙදෙනාම මියගොස් සිටි බව වාර්තාවේ. සැකකරුන් ලග තිබි මැෂීන්ගන්  වර්ගයේ තුවක්කුවක් මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්  සොයාගෙන ඇත.

එම සැකකරුවන් සංවිධානාත්මක අපරාධ කරුවන් දෙදෙනෙකු වන හබරකඩ වසන්ත සහ මීගොඩ උපුල් යන අය බව පොලිසිය විසින් හඳුනාගෙන ඇත. මීට මාස කිහිපයකට පෙර මාතර නගරයේ රන් භාණ්ඩ ආයතනය කොල්ලකෑම සදහා පැමිණි සැකකරුවෙකු ලෙසද හබරකඩ වසන්ත හදුනානෙ ඇත.