NewsSlider අදත් පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්… මහජන ගැලරියත් වැසේ. November 23, 2018 Kamal Dhammika පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල නායකයින්ගේ රැස්වීමක් අද(23) කථානායක කරූ ජයසූරිය මහතා විසින් කැඳවා තිබේ. අද (23) පෙරවරු 9.00ට මෙම පක්ෂ නායක් රැස්වීම කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන බවයි කථානායක කාර්යාලය සඳහන් කරන්නේ. පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස් කිරීම සහ තේරීම් කාරක සභාවට සාමාජිකයින් පත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව සඳහන්. අද දිනයේ ද පාර්ලිමේන්තුව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේද සහාය ඇතිව විශේෂ ආරක්ෂාවක් යොදවනු ඇති බව වාර්තා වේ. ඒ අනුව පාර්ලිමේන්තුවට පැමිණෙන පුද්ගලයින්, වාහන සහ රැගෙන එන භාණ්ඩ දැඩි සෝදිසියකට ලක් කෙරෙනු ඇති. එසේම ආරක්ෂක හේතූන් මත පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය සහ විශේෂ ප්‍රභූවරුන්ගේ ගැලරිය වසා දම ඇති අතර පාර්ලිමේන්තු වාර්ථා කටයුතු සඳහා පැමිණෙන මාධ්‍යවේදීන්ට පමණක් ඇතුළුවීමේ අවස්ථාව හිමිව තිබේ. Post Views: 529 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print