පසුගිය දින හතරේම දුමින්ද පාර්ලිමේන්තුවේ නැහැ… චන්ද්‍රකා සමග මහින්ද-සිරිසේන විරෝධී පෙරමුණකට මුල පුරයි
රට තුල දේශපාලන අර්බුදයක් නිර්මානයවී ඇති මෙවන් මොහොතක පාර්ලිමේන්තුව අවසන් වරට රැස්වූ නොවැම්බර් 14, 15, 16 සහ 19 දිනවල මුලු ලංකාවේ සැමගේ අවධානය පාර්ලිමේන්තුව වෙත යොමුවී තිබුණද එම පාර්ලිමේන්තු රැස්වීම්වලට දුමින්ද දිසානායක මහතා සහභාගී වී නැත. පාර්ලිමේන්තුවේ බොහෝ කලබගෑනි සිදුවූ මෙම දින හතරේම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පාර්ලිමේන්තු නොපැමිණි බව එහි ආරංචි මාර්ග කියයි. දින හතරේම පාර්ලිමේන්තුවට නොපැමිණි එකම මන්ත්‍රීවරයා ඔහුය.
මේ අතර මහින්ද-සිරිසේන ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයකු ලෙස දුමින්ද දිසානායක මහතා දිවුරුම් දුන්නද මේ වන තෙක් වැඩ බාර ගැනීමට හෝ ගොස් නැත.
දුමින්ද දිසානායක මහතා දැඩි මහින්ද විරෝධියෙකු වන අතර තම පියා වන උතුරු මැද හිටපු මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා නොමරා මරමින් බරපතල ලෙස දේශපාලන පලිගැනීම් සිදුකරමින් ඔහුගේ මරණය ඉක්මන් කලේ මහින්ද රාජපක්ෂ බව මීට පෙර ඔහු ප්‍රසිද්ධියේම පවසා තිබුණි.
ඔක්තෝබර් 26 වැනි දා රාත්‍රී ජනාධිපති සිරිසේන විසින් අගමැති රනිල් වික්‍රමසිංහ ධුරයෙන් ඉවත් කරනු ලැබ මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කළ බවට නිවේදනය කිරීමෙන් පසු පාර්ලිමේන්තුව කල්තැබූ අතර ඉන් පසුව පාර්ලිමේන්තුව මුල්වරට රැස්වූයේ පසුගිය 14 වැනි දාය.
මීට වසර හතරකට පෙර 2014 නොවැම්බර් මාසයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස පැමිණි දිනයේම දුමින්ද දිසානායක මහතා ද ඔහු එවකට දරමින් සිටි අමාත්‍ය ධුරයෙන් ඉවත් වී පොදු අපේක්ෂකයාට සහාය දැක්වීමට එක් විය. ඉන් අනතුරුව පිහිටවූ යහපාලන ආණ්ඩුවේ අමැතිවරයකු වූ ඒ මහතා මහින්ද රාජපක්ෂගේ අගමැති ධුරය යටතේත් පසුගිය දා කැබිනට් ඇමැතිවරයකු ලෙස දිවුරුම් දුන්නද මේ වන තෙක් වැඩ බාර ගැනීමට ගොස් නැති අතර කිසිදු දේශපාලනික මැදිහත්වීමක්ද සිදුකර නොමැති බව දැනගන්නට තිබේ.
මේ අතර මහින්ද රාජපක්ෂ සහ පොහොට්ටුව සමග එකතුවීමට අකමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යස්ථ පාර්ශව එක් කර ගනිමින් නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා. මහින්ද-සිරිසේන ආණ්ඩුව එක්වීමට කැමැත්තක් දක්වන නිදහස් පක්ෂයේ පාර්ශවය හැර අනෙක් කොටස සම්බන්ධ කර ගනිමින් මෙම නව සන්ධානය ගොඩනැගීමේ සැලසුම ක්‍රියාත්මක කරමින් පවතින්නේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය බවද අනාවරණයේ දැක්වෙනවා. දැනටමත් පියසේන ගමගේ සහ ඒ.එච්.එම් ෆවුසි යන අමාත්‍යවරු මහින්ද-සිරිසේන ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුවෙ ස්වාධීන වී සිටී.
මේ අතර මහින්ද-සිරිසේන සමග එක්ව මැතිවරණයට තරග කිරීමට දැඩි අකමැත්තක් දක්වන මැති ඇමතිවරු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් 50ක පමණ කණ්ඩායමක් සහ එහි ප්රබලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද මෛත්‍රීපාල සිරිසේන අතහැර මෙම නව සන්ධානයට එක්වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවද වාර්තාවේ.