පාර්ලිමේන්තුව විසුරුවා හරිනවට අපිත් කැමති නෑ..! – එස්.බී. දිසානායක (VIDEO)
ආණ්ඩුව විසුරුවා හැර මැතිවරණයකට යෑමේ අදහස අත්හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (22) නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදීය..
පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා වෙනත් කථානායකවරයෙකු පත්කරගෙන ආණ්ඩුව පවත්වාගෙන යායුතු බවට ඔවුන් යෝජනා කරන බවයි දිසානායක මහතා සඳහන් කළේ.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේදී අනුමත වුවහොත් ආණ්ඩුව පවත්වාගෙන යා හැකි අතර එසේ නොවුනහොත් මැතිවරණයකට යාමට සිදුවන බවයි.
(Lanka News Web)