මනෝ,රිෂාඩ්,හකීම් ජනපති හමුවෙයි! – ජනපති සිරිසේනගෙන් කොළ එළියක්..!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් සහ රවුෆ් හකීම් යන හිටපු ඇමතිවරු අතර අද පස්වරුවේ විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ. වාර්තා වන පරිදි එම සාකච්ජාවේදී ජනාධිපතිවරයා සුභවාදී ප්‍රතිචාරයක් දක්වා තිබේ.
මේ වන විට හිටපු ඇමතිවරුන් තිදෙනා අරලියගහ මන්දිරයේ පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී හමුවට සහභාගී වී සිටින හෙයින් ජනාධිපතිවරයා සහ ඔවුන් අතර සිදුවූ සාකච්ජාවේදී අවධානය යොමුකළ කාරණා සම්බන්ධයෙන් දැන ගැනීමට හැකියාවක් නොමැති නමුත් තොරතුරු ලද සැණින් අපි ඔබට වාර්තා කරන්නෙමු.