ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

මෛත්‍රී විසින් ආරක්ෂා කරන රවින්ද්‍ර විජේගුණවර්ධන අත්අඩංගුවට ගන්නැයි කොටුව මහෙස්ත්‍රාත් නියෝග කරයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණවර්ධන  මහතා  ඉදිරි සතිය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට ලිපි සකස් කර ඇති බවත් එසේම ඔහුව අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් කරුණු තිබෙන බවත්  එම  දෙපාර්තමේන්තුව ඊයේ  (19) කොළඹ කොටුව මහෙස්ත්‍රාත්  ලංකා ජයරත්න හමුවේ ප්‍රකාශ කර ඇත. මෙම නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වන නේවි සම්පත් නොහොත් හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට සැගවී සිටීමට ආධාර අනුබල දුන් අය සිටී නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය මෙහිදී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  නියෝග කළ බවද වාර්තා වෙයි.

කප්පන් ලබාගැනීම වෙනුවෙන් තරුණයන්  11 දෙනකු පැහැරගෙන යාමේ සිද්ධියට  සම්බන්ධ නඩුව ඊයේ  (19) යළි අධිකරණය හමුවේ  කැඳවු  අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කර සිටියේය.

රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් කරුණු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අධිකරණයට  දන්වා ඇත්තේද ඒ අනුවය.
මේ අතර චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සැකකරුට විදේශ ගතවීමට ව්‍යාජ ලේඛන සකස් කිරීම සදහා ආධාර අනුබල දීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ලක්සිරි අමරසිංහ යන සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

පොලි­සි­යට අනුව නේවි සම්පත් අත්අ­ඩං­ගු­වට ගන්නේ සිවිල් පුද්ග­ල­යන් 11 දෙනෙක් පැහැ­ර­ගෙන ගොස් රඳවා තබා ඝාත­නය කිරීමේ නින්දිත චෝද­නා­වට සැක­ක­රු­වෙක් ලෙසය.පැහැ­දි­ලිව ඔප්පු වන සාක්ෂි ප්‍රකා­රව පුද්ග­ල­යන් 11 දෙනෙක් මරා දමා ඇත. නමුත් අද වනතුරු මෙම දරුවන්ගේ දෙමාපියන්ට යුක්තිය ඉටුවී නොමැත. ඒ වෙනුවට යුක්තිය ඉටුවන්නෙ යුද්ධයට මුවාවී දරුවන් පැහැරගෙනගොස් කප්පම්ගත් නාවිකා හමුදාවේ පිරිසටයි. ඒ ජනාධිපතිවරයාගේ රැකවරණය හා ආරක්ෂාව යටතේය.

පැහැ­ර­ගත් පිරිස රඳවා තබා ගන්නේ කොටුව නාවික හමුදා මූල­ස්ථා­නය ඉදි­රි­පිට ඇති යම් ආර­ක්ෂිත නිව­ස්න­යක ය. පිරි­සෙන් කොට­සක් කොළ­ඹදී මරා දම­න්නේය. ඉතිරි පිරිස ත්‍රිකුණාමලය  නාවික හමුදා කඳ­වු­රට රැගෙන ගොස් එතැ­නදී මරා දමා තිබෙ­න්නේය. අප ඉති­හා­සයේ සිදුවූ අති­ශය නින්දිත අප­රා­ධ­යක් අබි­ය­සය.

005

දැන් මේ රට අපේක්ෂා කරන්නේ මරා දමන ලද මනු­ෂ්‍ය­යන්ගේ ජීවිත වෙනු­වෙන් සාධා­ර­ණ­යකි. නේවි සම්පත් නැමැ­ත්තෙක් පොලිස් අත්අ­ඩං­ගු­වට පත්වන්නේ මේ අත­රය. නේවි සම්පත් නමින් අත්අ­ඩං­ගු­වට පත්වන්නේ හිටපු නාවික හමුදා ලුති­නන් කමා­න්ඩර් වර­යෙකි. ඔහු නමින් හෙට්ටි­ආ­රච්චි මුදි­ය­න්සේ­ලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටි­ආ­රච්චි බව රහස් පොලි­සිය කිය­න්නේ­ය. සැක­කරු අත්අ­ඩං­ගු­වට ගන්නේ  පසුගියදා කොළඹ ලෝටස් පාරේදීය.

නාවික හමු­දාවේ සිටි­යදී අපා­රධ කළ බවට චෝදනා ලැබ තිබෙනා සැක­ක­රු­වෙක් වසන් කිරීම සඳහා නාවික හමු­දා­පති ලෙස නාවික හමු­දාවේ මුදල් අව­භා­විත කළ බවට රහස් පොලී­සිය රවී විජේ­ගු­ණ­ර­ත්නට එල්ල කරන චෝද­නාව විභාග කිරීම සම්බ­න්ධව දැන් ගැට­ලු­වක් නැත. එසේ නොවන්නේ නම් එය රටට ගැට­ලු­වකි. රවී විජේ­ගු­ණ­රත්න වර­දක් කර ඇත්නම් ඔහු අත්අ­ඩං­ගු­වට නොගැ­නීම ගැට­ලු­වෙකි. මෙම ඝාතකයින් සහ ඔවුන්ට රැකවරණය දෙන ලද අය අත්අඩංගුවට ගෙන අතුරුදහන්වූ දරුවන්ගේ දෙමාපියන්ට යුක්තිය ඉටුවන්නේ කවදාද? රටම බලා සිටින්නෙ ඒ දෙසය.