ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

යහපාලන ආණ්ඩුවේ මැදිහත්වීමෙන් ‘දුර්වල හා පරස්පර සාක්ෂි’ පදනම් කරගනිමින් ජොන්ස්ටන්ට නිදහස.

සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා පැමිණිලි පාර්ශයවය විසින් සිදුකරන ලද අඩුපාඩු හේතුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට අදාළ නඩුව අද(17) කැදවූ අවස්ථාවේ කුරුණෑගල මහාධිකරණය නියෝග කර තිබේ.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි නොකැඳවා නඩුව අවසන් කරන ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පසුගිය 09 වැනිදා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි. එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය එදින අවසන් වී තිබුණි.

අධි චෝදනා මත එල්ල කර ඇති චෝදනා පවත්වාගෙන යාමට නොහැකි වීම / පැමිණිල්ලේ සාක්ෂි විශ්වාසයෙන් බැහැරවීම හා සාක්ෂි පරස්පර වීම උක්ත ඉල්ලීමට හේතු සාධක වී ඇති බව නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා සඳහන් කළේය.

අදාළ නඩුව අද(17) කැදවූ අවස්ථාවේ පැමිණිලි පාර්ශවයේ වන නීතිපති දෙපාර්තමේන්තුවේ දුර්වල හා පරස්පර සාක්ෂි හේතුවෙන් විත්තිකරුවන් එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය නියම කළ බව විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පැවසීය.

2013 ජූලි මස පලමුවැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුලදී සතොස සමාගමට අයත් කුරුණෑගල යන්තම්පලාව ශාඛාවෙන් භාණ්ඩ මිලදී ගෙන සාවද්‍ය පරිහරණය කිරිමේ චෝදනාව මත විත්තිකරුවන්ට එරෙහිව එම නඩුව ගොණු කර තිබුණි.  එම මූල්‍ය වංචාවට අදාලව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තකරුවන් තිදෙනෙකුට කුරුණෑගල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබු අතර ඔවුන් මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.

මේ අනුව පෙනී යන්නෙ අදාල චෝදනා සනාත කිරීමට අදාල සාක්ෂි පැවතියද ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තකරුවන් නිදහස් කිරීමේ අරමුණින් මෙම නඩුවේදී නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩුවේ උවමනාවට කටයුතු කරඇති බවයි.