SliderSports මාලිංගට ක්රිකට් පාලක මණ්ඩලය කල අසාධාරණකම් ගැන වර්ණපුර හෙළි කරයි October 17, 2018 Kamal Dhammika රී ලංකා වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංගට ක්රිකට් පාලක මණ්ඩලය වෙතින් අසාධාරණකම් වු බව හිටපු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර මහතා රූපවාහිනි වැඩසටහනකට සහභාගි වෙමීන් හෙළි කර තිබේ.. වර්ණපුර මහතාගේ සම්පුර්ණ ප්රකාශය පහතින්… “මාලිංගගේ ඉතිහාසය… මම පාලක මණ්ඩලයේ හිටියේ,මාලිංගගේ දණිස්සේ ආබාධයක් ආවම මාලිංගව ඔස්ට්රේලියාවට යවන්න කැමති වුනේ නෑ, හේතුව මොකද පාලක මණ්ඩලය කැමති නෑ.. නෑ මේ කතා කරපු විදිය හොඳ නෑ..එයාගේ හැසිරිම මදි.. කොණ්ඩේ.. වාගේ මේ ගොඩක් දෙවල් කිව්වා..නමුත් ප්රභාත් නිශ්ශංක කියලා ක්රීඩකයෙක් හිටියා..එත් පළවෙනි මැච් එකේ ශ්රී ලංකාවට කඩුළු පහක්ද හයක්ද ගත්ත..තුන් සැරයක් හතර සැරයක්ද කොහෙද ඔස්ට්රේලියාවට යැව්වා..පාලක මණ්ඩලයේ සල්ලි වලින්, අවසාන දෙවෙනි එකෙන් පස්සේ කිව්වා මෙයාගේ මේ..දණිස්සට බේත් දුන්නට හරියන් නෑ ශල්යකර්ම කලාට හරි යන්නෑ..කියලා නමුත් ඔහුව යැව්වා..මාලිංගව එක සැරයක්වත් යැව්වේ නෑ.. මාලිංග වෙද මහත්තයෙක් ගාවට ගිහින් තමා කකුල හොඳ කරන් ඇවිල්ලා..සෙල්ලම් කරන්න ගත්තේ, එ ඇවිල්ලා එයා එක පාරම අයි.පී.එල් ගැහැව්වා… යන්න හදනකොට තමා එකපාරම දණිස්සේ අබාධය.. යන්න ලැබුනේ නැ ඇත්තටම..ඉතින් හිතන්න මාලිංග දුප්පත් පළාතකින් දුප්පත් පවුලකින් ආප ළමයෙක්ට අයි.පී.එල් නොගහන්න..ගිලිහි ගියාම තියන කෙන්තිය හිතලා බලන්න..ඊට පස්සේ කකුළ හොඳ කරන් ඇවිත් ශ්රී ලංකාව නියෝජනය කරන්න ගත්තා…එතකොට නීති දාන්න ගත්තා..ටෙස්ට් මැච් ගහන්න..ගොඩක් දෙවල් දැම්මා…මාලිංග ඇත්තටම දුක් විඳපු ක්රීඩකයෙක්..තමන් විසින් හදා ගත්ත ක්රීඩකයෙක්..ඉතින් මෑතකදිත් ආවනේ..ක්රීඩා ඇමතිතුමා කිව්වනේ ..පිට්නස් බඩ වැඩියි කියලා..බඩ කොහේ තිබ්බත් කමක් නෑ විකට් එනවනම්නේ..අපේ කාලේ බඩ තියන ක්රීඩකයෝ ක්රීඩා කලේ නැද්ද..අපිට බඩ නැති ක්රීඩකයින්ට ක්රීඩා කරන්න බැරිනම්..බඩ තියන ක්රීඩකයෙක් හරි ගෙනල්ලා ක්රීඩා කරලා…එ දෙ කරනන්න ඔනා.. එකනේ අද වෙලා තියෙන්නේ..ලසිත් මාලිංග හිනා වෙනවා ඇති අනිත් මිනිස්සුන්ට..මොකද හේතුව මට මෙ කියපු දෙවල් අද විකට් පහක් ගන්නවා..පලවෙනි මැච් එකේ පලවෙනි ඕවරෙන්ම විකට් ගත්තා..මම කියන්නේ එකයි..අපිට හොදට ක්රීඩා කරන්න ක්රීඩකයින් නැත්තම්..මෙවැනි පලපුරුදු ඇති ක්රීඩකයෙක්..අඩු පාඩු තිබ්බට කමක් නෑ අපිට වුවමනා කරන ප්රයෝජනය..ලබා ගන්න පුලුවන්නම්..අපිව පැත්තකට කරලා තියමු ප්රශ්නයක් නෑ.. එක ඔහුටත් හොඳයි අපිටත් හොඳයි..වෙන කෙනෙක් හැදිගෙන එනකොට..අපිට පුලුවන්කම තියනවා..එයාව හිමීන් කාරණා කියලා අයින් කරලා දාන්න ප්රශ්නයක් නෑ..එයත් අකමැති වෙන් නැනේ..” Post Views: 1,509 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print