කොළඹ කුණු එකතු කිරිම නතර කරනවා – රෝසි සේනානායක
කොළඹ නගර සීමාවේ කැළි කසල එක් රැස් කිරිම හෙට සිට නතර කිරිමට සිදුවනු ඇතැයි ,කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි. ඊයේ (06) මාධ්‍ය හමුවක් පවත්වමින් පුරපතිනිය සඳහන් කළේ ඉඩම් ගොඩකිරිමේ සහ සංවර්ධනය කිරිමේ සංස්ථාව විසින් කසල භාර නොගැනීම නිසා මෙවන් තත්ත්වයක් උද්ගතව ඇති බවයි.
කොළඹ නගර සීමාවේ එක් රැස්වන කැළි කසල , ඉඩම් ගොඩකිරිමේ සහ සංවර්ධනය කිරිමේ සංස්ථාවට අයත් කෙරවලපිටිය කසල අංගනය වෙත බැහැර කෙරුණු අතර හිඟ මුදලක් නොගෙවීම හේතුවෙන් ඔවුන් කසල භාර ගැනිම නවතා දමා තිබෙන අතර ඒ හේතුවෙන් මෙම ගැටළුව මතුවී තිබේ. මේ හේතුවෙන් කොළඹ නගර සීමාවේ කසල රැගත් ලොරි රථ කෙරවලපිටිය කසල අංගනයට පිවිසෙන මාර්ගය දෙපස නවතා තිබුණි.
ඒ අනුව කොළඹ නගරයේ කැලි කසල එක්රැස් වුවහොත් නගරය පුරා වසංගත රෝග පැතිරයාමේ අවධානමක් මතුවිය හැකි බවද වාර්තාවේ.