අවන්හල බදු දෙන්න ලක්ෂ 6ක් අල්ලස්ගත් පශු සම්පත් සභාපති අත්අඩංගුවට.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් ලක්ෂ 06 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත සභාපති එම්.කේ. මුතුවිනයාගම් අත්අඩංගුවට ගෙන ඇති අතර සභාපතිවරයාට අයත් සමාගමක සහකාර ගණකාධිකාරීවරයෙකු ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිළධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මැල්සිරිපුර ගොවිපලේ පිහිටි අවන්හල කුලී පදනම මත ලබාදීම සඳහා සභාපතිවරයා විසින් රුපියල් ලක්ෂ 12 ක අල්ලස් මුදලක් ඉල්ලා තිබේ. කෙසේ වෙතත් එය ලක්ෂ 06 දක්වා අඩුකර තිබෙන බවයි අල්ලස් කෙමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පවසන්නේ.
අදාල අල්ලස් මුදල ලබා ගැනීමේදී සභාපතිවරයා ඔහුගේ කාර්යාලයේදී අල්ලස් නිළධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා. සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
අදාළ ව්‍යාපාරිකයා ලබාදුන් තොරතුරකට අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.