පානීය ජල බෝතල්වලට උපරිම සිල්ලර මිලක් – නව මිල ගණන් මෙන්න..!
පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සභාපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව ජල බෝතල් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල පෙරේදා සිට ක්රියාත්මකයි.
ඒ අනුව
මිලි ලීටර් 350 සිට මිලිලීටර් 499 දක්වා පානීය ජල බෝතලයක් – රු. 26යි.
මිලිලීටර් 500 සිට මිලිලීටර් 749 දක්වා පානීය ජල බෝතලයක් – රු. 35 යි.
මිලිලීටර් 750 සිට මිලිලීටර් 999 දක්වා ජල බෝතලයක් – රු. 40 යි.
ලීටර් 1 සිට ලීටර් 1.49 දක්වා ජල බෝතලයක් – රු. 70යි.
ලීටර් 1.5 සිට ලීටර් 4.99 ක් දක්වා පානීය ජල බෝතලයක් – රු. 70යි.
ලීටර් 5 සිට ලීටර් 6.99 ක් දක්වා වන ජල බෝතලයක් – රු. 150යි.
ලීටර් 7 සිට අනෙකුත් සියලු පානීය ජල බෝතලයක් – රු. 170යි.
මෙම මිල ගණන් ඉකුත් 28 දා සිට ක්රියාත්මක වන පරිදි මෙම ගැසට් පත්රය නිකුත් කර ඇති අතර ඒ අනුව සියලු පානීය ජල බෝතල් අලෙවිකරුවන්, නිෂ්පාදකයන්, බෙදා හරින්නන් මෙම මිල ගණන් අනුව කටයුතු කළ යුතු බව පාරිභෝගික අධිකාරිය නිවේදනය කළා.