ArtNewsSlider ගායන ශිල්පි රොනී ලීච් මහතා අභාවප්‍රාප්ත වෙයි October 1, 2018 Kamal Dhammika ජනප්‍රිය ගායන හා රංගන ශිල්පියෙකු වූ රොනී ලීච් මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. ඒ සංගිත ප්‍රසංගයක් සඳහා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටියදී ඇතිවූ හෘදයාබාධයකිනි. මිය යන විට ඒ මහතා 65 වන වියේ පසුවිය. 1972 වර්ෂයේ කණ්ඩායම් සංගීතයෙන් කලා ක්ෂේත්‍රයට පිවිසි රොනී ලීච් මහතා බටහිර ආරේ ගීත ගායනයෙන් ප්‍රේක්ෂක සිත් සතන් ඇද බැඳ ගත්තේ ය. සංගීත ක්ෂේත්‍රෙය් නව පියවරක් තබමින් 1986 වර්ෂයේදී ඔහු සිය පළමු විදේශ සංචාරය ඇරඹුවේ සුපර් ස්ටාර් සංගීත කණ්ඩායමත් සමගිනි. ගායනයට සේම රංගනයට ද උපන් හපනෙකු බව විදහා පාමීන් රොනී ලීච්, 1983 දී ඈතින් ඈතට චිත්‍රපටයෙන් රංගනයට අවතීර්ණය විය. චෙරියෝ ඩාලීන්, ඔන්න බබෝ, මගෝ ඩිගෝ ඩයි, එතුමයි මෙතුමයි, මයි නේම් ඊස් බන්දු ඇතුළු සිනමා නිර්මාණ රැසක රඟ පෑ ඔහු, වඩාත් ප්‍රකට වූයේ හාසයෝත්පාදකරංගන ශිල්පියෙකු ලෙසයි. 1989 න් පසු කාල සීමාවේ ජිප්සීස් නායක සුනිල් පෙරේරා සහ පියල් පෙරේරා මහත්වරුන්ගේ ආරාධනාවකට අනුව තට්ටයා ගීතය ගැයූ ඔහු තවත් ජනප්‍රිය විය. ක්ෂේත්‍රෙය් සියල්ලන්ගේ ආදරය දිනා සිටි රොනී, ගායනය, රංගනය සිය ජීවිතය කර ගත් අතර, සිරස ටීවී ඔස්සේ විකාශය වූ පොඩ්ඩන්ගේ වැඩ වැඩසටහනෙන් පුංචි දරුවන්ගේ ආදරය ද දිනා ගත්තේ ය. Post Views: 837 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print