රනිල් පැමිණි මාතලේ උත්සවය එජාප මන්ත්‍රිනී රෝහිණි විජේරත්න වර්ජනය කරයි
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වන මාතලේ දී පැවැත්වෙන සමෘද්ධි ලාභින් 3000කට නව සහනාධාර ප්‍රධානය කිරීමේ උත්සවය වර්ජනය කරන බව මාතලේ එ.ජා.ප මන්ත්‍රිනී රෝහිනි කුමාරි විජේරත්න මහත්මිය පවසනවා. අද (15) මාතලේ එඩ්වඩ් ක්‍රිඩාංගනයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වේ.
සමෘද්ධි සහනාධාරලාභින් තේරීමේ දී ඒකපාක්ෂිකව තෝරා ඇතැයි පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිනි කුමාරි විජේරත්න උත්සවය වර්ජනය කළ බව මාධ්‍ය වෙත පවසා ඇත.පවතින තත්ත්වය පිළිබඳ අවස්ථා ගණනාවක දී අගමැතිවරයාට කරුණු පැහැදිලි කළ ද, වැරදි තොරතුරු පදනම්කර ගෙන අගමැතිවරයා කටයුතු කර ඇති බවත්,ඊට විරෝධය පලකරමින් උත්සවය වර්ජනය කරන බවත් ද ඇය කියා සිටී.
මෙම සිදුවීමෙන් පෙනී යන්නෙ සමෘර්ධිලාභීන් තේරීමේදී එජාපය විසින් තම පාක්ෂිකයින්ට ප්‍රමුඛතාවය ලබාදෙන බවයි. එම දේශපාලනික මැදිහත්වීමේ ගැටළුමත මන්ත්‍රීවරිය මෙසේ අද දින උත්සවය වර්ජනය කර තිබෙන බව පෙනීයයි.