ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

රාජ්‍ය දේපළට හානි කළ බෙංගමුවේ නාලක හිමි ඇතුළු භික්ෂුන් 4ක් අත්අඩංගුවට..!

ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයක් අතුරතුර රාජ්‍ය දේපළවලට හානි කළැයි කියන සිද්ධියකට අදාළව භික්ෂූන් වහන්සේ සිව් නමක් ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ   කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (31) නියෝග කළාය. රාජ්‍ය දේපලවලට හානි කිරිමේ චෝදනා සම්බන්ධයෙන් බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන භික්ෂූන් වහන්සේ සිව් නම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙසේ නියෝග කර තිබේ.

ඉකුත් 2017 වර්ෂයේ දී සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හත් දෙනෙකු සම්බන්ධයෙන් කරුණු අනාවරණය වන බවට කොල්ලූපිටිය පොලීසිය අධිකරණය වෙත කරුණු සැළකිල්ලට ගත් මහෙස්ත‍්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය. පසුගිය වසරේ පැවැති ආබාධිත රණවිරු උද්ඝෝෂණය අතරවාරයේදී රාජ්‍ය දේපලට හානි කිරිම සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවකට අදාල සැකකාර හිමිවරුන් හඳුනාගෙන ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන හිමිවරුන්ට එරෙහිව වරෙන්තු නිකුත් කෙරුණි. මීට අමතරව පසුගිය නඩු වාරයට ඉදිරිපත් නොවීම හේතුවෙන් වරෙන්තු ලබා සිටි පූජ්‍ය අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමි අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.