ඥාණසාර හිමිට බරපතල වැඩ සහිත වසරක සිර දඬුවම්.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී බැන මරණ තර්ජනය කළැයි වරදකරුවු බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබා දුන් හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා එය මාස හයක කාලයකදී ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට නියම කළේය.
මීට අමතරව රුපියල් 50,000 ක වන්දි මුදලක් එකවර ගෙවන ලෙස ද නියම කර ඇති අධිකරණය එසේ නොගෙවන්නේ නම් මාස 3ක සිරදඬුවමක් ද ගෙවීමට නියම කර ඇති අතර තවත් රුපියල් 3000 ක දඩයක්ද නියම කර ඇත.
ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ අංක 386 සාපාරාධී අඩත්තේට්ටම් කිරීම සහ අංක 486 යටතේ සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව හෝමාගම පොලීසිය මඟින් මෙම නඩුව පවරා තිබුණි.
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් හිමියන්ට එරෙහිව අධිකරණ කීපයකම චෝදනා විභාග වූ නමුත්, එහිමියන් චෝදනාවකට වරදකරු බව තීන්දු කෙරුණ ප්‍රථම අවස්ථාව මෙය වේ.
2016 වසරේ ජනවාරි 25 වෙනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී සන්ධ්‍යා එක්නැලිගොඩට බැන තර්ජනය කළ බවට ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබිණි. එම චෝදනාවලට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු බව තීන්දු කළ අධිකරණය ජුනි 14 වෙනි දින එහිමියන්ට දඬුවම් නියම කරන බව පසුගිය මැයි 24 වැනි දින ප්‍රකාශ කළේය.