NewsSlider ඇලෝසියස්‌ගේ පර්පචුවල් කාර්යාලයෙන් රහස්‍ය ලිපි ලේඛන රැසක් CIDය සොයාගනී. May 31, 2018 Kamal Dhammika කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙතින් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත කළ විමර්ශනයකදී ,බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස්‌ට අයත් කොළඹ 02, පාක් ලෑන්ඩ් ගොඩනැඟිල්ලේ පිහිටි පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන කාර්යාලයේ තිබූ බැඳුම්කර වංචාව සම්බන්ධ රහස්‍ය ලිපි ලේඛන කීපයක් ඊයේ (30) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බව වාර්තා වේ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30 දා) පෙරවරුවේ සිට රාත්‍රි 10 පමණ දක්‌වා මෙම සෝදිසි මෙහෙයුම සිදු කළේය. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමත් සමඟ මෙම කාර්යාලය වසා දමා තිබුණි. Post Views: 708 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print