ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රූපවාහිනී, ITN, සැලසිනේ මුල්පුටු සදහා ඇමති මංගල කාන්තාවන් පත්කරයි.

ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ සැලසිනේ ආයතනය සඳහා නව සභාපතිවරුන් තිදෙනෙකු පත්කර තිබෙනවා. විශේෂත්වය වන්නේ මෙම තිදෙනාම කාන්තාවන් වීමයි.
ජාතික රූපවාහිනියේ සභාපතිනිය ලෙස පත්කර ඇත්තේ ප්‍රවීන චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී මහත්මියයි. හිටපු සභාපති රවී ජයවර්ධන මහතා පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස් වූ අතර ඔහු අද පෙරවරුවේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත යවා තිබිණි.
ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපතිනිය ලෙස පත්කර ඇත්තේ ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මියයි. හිටපු සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා තනතුරෙන් ඉල්ලා අස්වීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පළවිය.
මේ අතර සැලසිනේ ආයතනයේ සභාපතිනිය ලෙස උමා රාජමන්ත්‍රී මහත්මිය පත්කර තිබෙනවා. මෙතෙක් සැලසිනේ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ශාන්ත බණ්ඩාර මහතාය.