NewsSlider ලසන්ත ඝාතනය: රක්ෂිත බන්ධනාගාර ගතව සිටින DIG හා OIC යළි රිමාන්ඩ්. May 14, 2018 Kamal Dhammika මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා සහ ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති තිස්සසිරි සුගතපාල යන මහත්වරුන් මේ මස 25 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අද (14) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ඝාතනය සම්බන්ධයෙන් සොයාගත් නවතම තොරතුරු ඇතුළත් වැඩිදුර විස්තර වාර්තාවක්ද අද අධිකරණයට ඉදිරිපත් කළේය. Post Views: 1,136 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print