ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඥාණසාර හිමි මහසෝන් බළකා ප්‍රධානියාගේ සැපදුක් සොයා බලයි..!

පසුගියදා මහනුවර ඇතිවූ ගැටුම්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මහසෝන් බළකායේ අමිත් වීරසිංහ ඇතුළු කණ්ඩායමේ සුවදුක් විමසීමට  පසුගියදා (24) බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියෝ අනුරාධපුර බන්ධනාගාරයට වැඩම කළහ.

එම අවස්ථාවේ මාධ්‍ය අමතමින් උන් වහන්සේ මෙසේ කියා තිබේ. “දැන්වත් මේ රටේ මුස්ලිම් අන්තවාදය නතර කරන්න. ආගම් අතර විශ්වාසය නැති වෙන තැනට දැන් කටයුතු යෙදිලා. තෙල්දෙණිය සිද්ධිය වර්ධනවූයේ පොලිසිය අසමත්වූ නිසා. රජය වෙනුවෙන් අගමැති මේකට වගකියන්න ඕන.”