ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

විශ්වාසභංගය ගැන සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම හදිසියේ රැස්වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කෙරුණුවිශ්වාසභංග යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම අද රැස්වනවා. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී දහවල් 12.30ට මෙම හදිසි රැස්වීම පැවැත්වෙන බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අත්සන් 55 කින් සමන්විතව ඊයේ පස්වරුවේ කතානායක කරූ ජයසූරිය මහතා වෙත භාරදෙනු ලැබුවා. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යටතේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ද අත්සන් කර තිබීම විශේෂත්වයක්.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරි රැස්වීමක් එලඹෙන 29 වන දා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් බාර දී ඇති විශ්වාස භංගය පරාජය කිරීම ඉර හඳ සේ විශ්වාස යැයි පාර්ලිමේන්තුවේ සභා නායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ඒකාබද්ධ කල්ලිය විශ්වාස භංග බාර දුන්නද ඒවා ජයග්‍රහණය කිරීමට මන්ත්‍රී පිරිසක් ඔවුන්ට නැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.