‘ශ්‍රී ලංකාව යනු එකම රටක් හා එකම ජාතියක්’ – කුමාර් සංගක්කාර
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සිය ට්විටර් ගිණුමෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ ශ්‍රී ලංකාව එක් රටක් හා එක් ජාතියක් බවත් ඒ තුළ ආගම හා ජාතිය හේතුවෙන් කිසිදු ගැටලුවකට පත් නොවිය යුතු බවත්ය.
ලංකාව තුළ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව වැඩිදුර අදහස් දක්වා සිටි ඔහු ආදරය, විශ්වාසය හා බාර ගැනීම ශ්‍රී ලංකාවේ පොදු භාවිතය විය යුතු බවත් ජාතිවාදයට හා ප්‍රචණ්ඩත්වයට අවස්ථාවක් නොමැත් බවත් එය නවත්වා එකා ලෙස ශක්තිමත්ව සිට ගන්නා ලෙසත් සංගා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.
