පරීක්ෂණ කටයුතු අවසන් කරමින් ‘Explore Feed’ මුහුනු පොතෙන් ඉවතට
සමාජ ජාල මාධ්‍ය අතර ප්‍රමුඛස්ථානය ගෙන ඇති facebook සමාජ ජාලයේ වෙනස්කම් රැසක් පසුගිය කාලය තුළ සිදු වූවා. එහිදී News Feed සහ Explore Feed ලෙස කොටස් 02කට බෙදූ පරීක්ෂණය හේතුවෙන් බොහෝ දෙනා අපහසුතාවන් රැසකට මුහුණ දුන්නා.
එම පරීක්ෂණය ලංකාව ඇතුළු රටවල් 06ක පමණක් සිදුකෙරුණා.ශ්‍රී ලංකාව ද ඇතුලත්ව ඊට යොදාගත් අනෙක් රටවල් වන්නේ බොලිවියාව, කාම්බෝජය, ග්වාතමාලාව, ස්යිබීරියාව සහ ස්ලෝවැකියාවයි.
Explore Feed නිසාවෙන් News Feed හි Page වල Post දිස්වූයේ නොමැති අතර එබැවින් Page වටිනාකම හිටි හැටියේ පහත වැටුණා.
මෙම Explore Feed අත්හදා බැලීම පසුගියදා අවසන් කළ බව Facebook නිවේදනය කළා.Facebook හි ප්‍රවෘත්ති සැපයුම් ප්‍රධානී ඇඩම් මොසෙරී පැවසුවේ, පරිශීලකයින්ගෙන් ලැබුණු ප්‍රතිචාර නිසා සමාගමේ පරීක්ෂණ අවසන් කිරීමට හේතුව බවයි. Facebook මෙම අත්හදා බැලීමෙන් යම් පාඩමක් උගෙන ඇති බවක් ද වාර්තා වුණා.
ඒ අනුව අද වන විට Explore Feed තීරය මුහුනුපොතෙන් ඉවත් කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.