ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අක්‍රමිකතා සිදුකල අය තාමත් නිදැල්ලේ

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය  කරුණක් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමයේ සභාපති ජානක විජේපතිරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ මෙතෙක් ගුවන් සමාගම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක වී නොමැති බවය.
ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ඉදිරි පැවැත්ම සඳහා කටයුතු කිරීමේ අරමුණින්  ප්‍රධාන වෘත්තිය සමිති කිහිපයක් එක්වෙමින් අද ගිවිසුමකට එළඹුණා. ඊට සමගාමීව අද(23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.එසේම මෙම චෝදනාවලට වෘත්තිය සමිති හෝ සේවකයන් ලක්විය යුතු නැති බවද ඔහු කියා සිටියා. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ වෘත්තිය සමිති හයක් එක්ව ඇති කර ගත් අදාල අවබෝධතා ගිවිසුමේ අරමුණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ජාතික අරමුණක් වෙනුවෙන් ගුවන් සේවයේ පොදු අරමුණ වෙනුවෙන් රටට ජාතික ගුවන් සේවය වෙනුවෙන් සියලු දෙනා එක්ව සිටින බවයි.
මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දක්වමින් ජනක විජේපතිරත්න මහතා කියා සිටියේ වැරදිකරුවන්ට දඬුවම් ලබානොදීම රටේම පවතින ප්‍රශ්නයක් බවයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවයටද එම කාරණය අදාළ බවද ඔහු එහිදී කියා සිටියා. පසුගිය කාලයේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට තිබුණේ ව්‍යාපාරික ගමනාන්ත නොව දේශපාලනික ගමනාන්ත බවද ඔහු එහිදී කියා සිටියා. එය මේ වන විට මුළු රටම දන්නා දෙයක් බවට පත්ව ඇති බවද ඔහු කියා සිටියා.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය අදටත් ලාභ ලබන ආයතනයක් බවත් එහෙත් මිහින් ලංකා ගුවන් සමාගමේ වියදම්ද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හරහා ගෙවීමට සිදුව ඇති හේතුවෙන් මේ වන විට අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. එසේම ඉදිරි බඳවා ගැනීම්වලදී අවශ්‍ය දැනුම ඇති සුදුස්සන් පත් කර ගත යුතු බවද ඔහු කියා සිටියා.