ආනයනික අර්තාපල් බද්ද අද රෑ සිට රුපියල් 30කින් ඉහළට
ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් මත මෙතෙක් පනවා තිබූ රුපියල් 1/=ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 30/= දක්වා ඉහළ දමා තිබේ. මාර්තු මස 31 වැනිදා දක්වා නව බදු සංශෝධනය ක්‍රියාත්මකයි.
දේශීය අර්තාපල් අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙමින් තිබෙන බැවින් දේශීය ගොවියාට සහන ලබා දීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත.