ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අගමැති අස්නොවේ නම් කැබිනට් මණ්ඩලය විසුරුවාහැරීමට ශ්‍රිලනිපය සැරසෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් නොවන්නේ නම් වහා ඇමැති මණ්‌ඩලය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇතැයි ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ ප්‍රකාශ කළේය. කැබිනටි මණ්ඩලය විසුරුවාහැර නව කැබිනට් මණ්ඩලයක් සහ අග්‍රාමාත්‍යවරයෙක් පත්කරගැනීමට ඒ අනුව හැකියාව ඇතැයි ඔහු පැවසීහ.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 46(2) (ආ) වගන්තියට අනුව අගමැතිවරයා ස්‌වකීය ධුරය දරන්නේ ඇමැති මණ්‌ඩලය පවතිනතාක්‌කල් බව සඳහන්වේ. ඒ අනුව ඇමැති මණ්‌ඩලය විසුරුවා හැරි පසුව රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය ද අහෝසි වන බව හෙතෙම ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ජාතික ආණ්‌ඩුව පවත්වාගෙන යාමේ ගිවිසුම මේ වනවිට අවසන් වී ඇති අතර මෙතෙක්‌ එම ගිවිසුම අලුත් කර නැතැයි ද හෙතෙම කීවේය.

වර්තමාන ඇමැති මණ්‌ඩලය පත්කර තිබෙන්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දහනවවැනි සංශෝධනයට අනුවය. දහනවවැනි සංශෝධනය අනුව ජාතික ආණ්‌ඩුවක සිටියයුතු ඇමැතිවරුන් සංඛ්‍යාව සහ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් සංඛ්‍යාව සඳහන් කර තිබේ. එහෙත් ජාතික ආණ්‌ඩු ගිවිසුම යළි අලුත්කර නැති නිසා වර්තමානයේ තිබෙන ඇමැති මණ්‌ඩලය ද නීත්‍යනුකූල නොවන බව පැවැසූ හෙතෙම එම නිසා ඇමැති මණ්‌ඩලය විසුරුවා හැරීම සිදුකෙරෙනු ඇතැයි ද කීවේය.