ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

හිරුණිකාගේ ඩිපෙන්ඩර් නඩුවේ සාක්ෂි විභාගයට දින තීන්දු කරයි.

දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු බලහත්කාරයෙන් පැහැරගෙන යාමට ආධාර අනුබල ලබාදුන් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර ඇති  නඩුවේ  සාක්ෂි විභාගය සඳහා කොළඹ මහාධිකරණය අද(26) දින නියම කර තිබේ. තරුණයෙකු බලහත්කාරයෙන් පැහැරගෙනයාමට  ආධාර අනුබල ලබාදීම ඇතුළු අධිචෝදනා 17ක් යටතේ නීතිපතිවරයා විසින් අදාළ නඩුව ගොනු කර ඇති අතර නඩුවේ සාක්ෂි විභාගය ලබන ජුනි මස 07 වන දින පැවැත්වීමට මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා නියම කළේය.
පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ සෙසු සැකකරුවන් 08 දෙනා පසුගිය නොවැම්බර් මස 24 වනදා අධිකරණය හමුවේ වරද පිළිගනු ලැබීය.
ඔවුන්ට එදින අත්හිටවූ සිරදඬුවමක්, වන්දි සහ දඩ මුදල් නියම කෙරුණු අතර එම වන්දි සහ දඩ මුදල් අද දිනයේ අධිකරණය හමුවේ ගෙවන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබේ. එම මුදල් ගෙවීමෙන් අනතුරුව ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියෝග කරතිබේ.