ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookSlider

ඡන්දය දාන හැටි මුහුණු පොතට දැමු 4ක් දැලේ

තැපැල්  ජන්දය සලකුණු කළ ආකාරය ජංගම දුරකතනයෙන් ජායාරුප සහ වීඩියෝගතකර මුහුණු පොතට දැමු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

තැපැල් ජන්ද ප්‍රකාශ කිරීමේදී මේ ආකාරයට නිතීවිරෝධී ලෙස කටයුතු කර ඇත්තේ කොළඹ ,මොනරාගල,රත්නපුර සහ වවුනියාව ප්‍රදේශයේ තැපැල් ජන්ද මධ්‍යස්ථාන හතරකදී බව දේශප්‍රිය මහතා කියයි.

අත්අඩංගුවට පත් පුද්ගලයන් මැතිවරණ නීතියට පටහැනිව අනියම් අන්දමින් කරන ලද බලපෑම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නීති ප්‍රතිපාදන යටතේ සහ පොලිසිය මගින් පරීක්ෂණ කරන බව ඒ මහතා පැවසීය.