ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookSlider

සයිබර් අවකාශයේ ආචාර ධර්ම පද්ධතිය ජනපතිට

වඩාත් වගකීම් සහගත, සාධනීය වෙබ් මාධ්‍ය කලාවක් වෙනුවෙන් සම්පාදනය කරන ලද ආචාර ධර්ම පද්ධතිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (29) දහවල් කොළඹ දී සිදු විය.
වෙබ් මාධ්‍යවේදින්ගේ සංවිධානය විසින් මෙම අවස්ථාව සංවිධානය කර තිබූණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ වෙබ් මාධ්‍ය කලාව සඳහා හඳුන්වාදුන් මෙම ආචාර ධර්ම පද්ධතිය ඉතා වැදගත් විශිෂ්ට කාර්යයක් බවයි.
එමෙන්ම මෙය මාධ්‍ය ක්ෂේත‍්‍රයට පමණක් නොව දේශපාලන ක්ෂේත‍්‍රය සහ මුළු මහත් මානව සමාජය වෙනුවෙන් කාලීන අවශ්‍යතාවයක් ඉටුකිරීමක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
වෙබ් මාධ්‍යවේදින්ගේ ගැටලුු පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් නුදුරු දිනකදීම ලබාදෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.
අමාත්‍ය මංගල සමරවීර, රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශණ ගුණවර්ධන යන මහත්වරුන් සහ වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ කැඳවුම්කරු ෆ්‍රෙඩි ගමගේ, ලේකම් කැලුම් ශිවන්ත යන මහත්වරුන් ඇතුළු එහි සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.