“ඉදිරියේදී තව පිරිසක් පක්ෂය හැර යනවා” – විමල් වීරවංශ
තමන් සමග ඉන්නා තව පිරිසක් ඉදිරියේදී තම පක්ෂයෙන් ඉවත්වීමට ඉඩ තිබෙන බව විමල් වීරවංශ මහතා පවසයි. තම දේශපාලන පක්ෂයෙන් ලොකු කුඩා කවුරු ඉවත්ව ගියත් යම් කම්පනයක් ඇති වන බවත් එසේ නොදැනීමට තරම් දේශපාලනික ලාඳුරු තත්ත්වයක් තම පක්ෂයට නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. පෞද්ගලික උවමනාවන් මත හොඳ ලන්සුවක් ලැබුණු විට යම් යම් තීරණ ගන්නා බවත් සමහර විට ඉදිරියේ දී තවත් දෙතුන් දෙනෙක් පක්ෂයෙන් ඉවත් වීමට ඉඩ ඇති බවත් වීරවංශ මහතා පවසයි.
අද (28) කොළඹ පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දිසානායක මහතා පසුගියදා ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත්ව ජනාධිපතිවරයාට සහය දැක්වීමට යෑම පක්ෂයට බලපෑමක් වුයේ ද යන්න පිළිබඳ මාධ්‍යවේදියෙකු විසින් අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේය.