විමල් වීරවංශගේ බෝම්බ කතාවෙන් ජනිපෙ දෙකඩවෙයි..!
විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවට බෝම්බ හෙලියයුතුයැයි කරන ලද ප්‍රකාශයත් සමග ජාතික නිදහස් පෙරමුණේ අභ්‍යයන්තර අර්බුදය පුපුරාගොස් පක්ෂය දෙකඩවීමේ අවදානමකට මුහුණදී ඇතිබව පෙනීයයි. මේ බව තහවුරු වන්නේ එහි ජතික සංවිධායක හිටපු මන්ත්‍රී පියසිරි විජේනායක විසින් වීරවංශගේ ප්‍රකාශයට එරෙහිව මාධ්‍යය සාකච්ජාවක් කැදවා ඔහුව විවේචනය කිරීමත් සමගයි.
පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිදුකළ ප්‍රකාශය පක්ෂයේ මතය නොවන බවත් මෙය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලකල මරු පහරක් බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා පවසයි. එය වීරවංශ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික අදහසක් බව අද(25) ගම්පහ දී මාධ්‍ය හමුවක් පවත්වමින් පියසිරි විජේනායක මහතා පැවසීය.
මෙම ප්‍රකාශය වැරදි ප්‍රකාශයක් බවත් මේ තුළින් රටේ පවතින සාමකාමී වාතාවරණයට ගැටළුවක් ඇති වන බවත් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වු විගස මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතියෙන් සමාගවගත යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
පා.ම විමල්ගේ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමේ ප්‍රකාශයට ජාතික නිදහස් පෙරමුණ ජාතියෙන් සමාව අයදිනවා…ජාතික සංවිධායක පියසිරි විජේනායක
Posted by SLRC News on Wednesday, 25 October 2017