“වැස්ස සමග විනාශයක් අත ළඟ” උමාඔයෙන් බැටකන ජනතාවගෙන් දැවැන්ත විරෝධතාවක්.
උමා ඔය ගැටළුව මුල් කරගනිමින් මේ සතිය තුළ දැවැන්ත විරෝධතාවක් සිදු කිරීමටයි බහු විනාශකාරී උමාඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ සූදානම් වන්නේ. බහු විනාශකාරී උමාඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැදවුම්කරු සමන්ත විද්‍යාරත්න කියා සිටියේ ඉදිරි වැසි කාලයේදී පවතින අර්බුදය තවත් උත්සන්න විය හැකි බවයි.
මේ වන විට මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමට බරපතල හානි සිදු වී ඇති බවත් නිවාස 7000කට වැඩි ප්‍රමාණයකට හානි සිදු වී අැති බවත් පැවසුවා. කදු සහ මහාමාර්ග ඉරිතලා අැති බැවින් වැසි සමයත් සමග විශාල ව්‍යවසනයක් සිදු විය හැකි බවයි පෙන්වා දුන්නේ.
ජනතාව දිනෙන් දින පීඩාවට පත් කරමින් සිදුකරමින් පවතින මෙම විනාශකාරී උමා ඔය ව්‍යාපෘතිය වහාම නවතා දමන ලෙසත් පීඩාවට පත් ජනතාවට වහාම වන්දි ගෙවන ලෙසත් ආණ්ඩුවට බලකරමින් ලබන 11වනදා බණ්ඩාරවෙලදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටි .
උමා ඔය ගැටළුව සම්බන්ධයෙන් ආණ්ඩුවට ලබාදිය හැකි විසදුම් මේ වනවිට ලබාදී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සාමාජිකයෙකු ද වන ඔහු කියා සිටියේ වන්දි ලබාදීම ද තවදුරටත් සිදුවන බවයි. එහෙත් ගැටළුවට සියයට සියයක්ම විසදුම් ලැබී නොමැති බව තමන්ද පිළිගන්නේ යැයි අමාත්‍යවරයා කියා සිටියා.

