ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

නාමල් රාජපක‍්ෂ ඇතුළු පස් දෙනෙකු හම්බන්තොට පොලිසියට කැඳවයි

නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක, යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම පළාත් සභා මන්ත‍්‍රී උපාලි කොඩිකාර, සම්පත් අතුකෝරාළ හා මේජර් අජිත් ප‍්‍රසන්න යන මහත්වරුන් ඇතුඵ පස් දෙනෙකු හම්බන්තොට පොලීසිය වෙත කැඳවා තිබෙනවා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට මෙන්ම ඩී වී චානක මන්ත්‍රීවරයාට ද හෙට (10) දිනයේ පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසටයි දන්වා තිබුණේ. එහෙත් කාර්ය බහුල තත්ත්වය මත නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද (09) දිනයේ පොලිසිය වෙත පැමිණ තිබෙනවා.

ඒ, පසුගිය දා හම්බන්තොට දී පැවති ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ විරෝධතාව අතරතුර සිදුවූ පහරදීම් පිළිබඳ ප‍්‍රකාශ ලබා ගැනීම සඳහායි.

නාමල් රාජපක්ෂ සහ  ඩී.වී. චානක, යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෙට දිනයේ හම්බන්තොට පොලිසියට කැඳවා ඇති අතර අද දිනයේ තමන් ප්‍රකාශයක් ලබාදෙන බවයි නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර හම්බන්තොට විරෝධතාවයේදී කළහකාරි ලෙස හැසිරුණු පුද්ගලයන් සෙවීම සඳහා ඊයේ (09) රාත්‍රියේ හම්බන්තොට හා ඒ අවට ප්‍රදේශවල විශේෂ පොලිස් මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර තිබුණා. එහෙත් එහිදී කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.