ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඇමැති හර්ෂගේ සයිටම් වාර්තාව වෛද්‍ය පීඨ ආචාර්යවරු ප්‍රතික්ෂේප කරයි.

සයිටම් ගැටළුව විසදීම සඳහා  නියෝජ්‍ය  ඇමැති  හර්ෂ ද සිල්වා මහතාගේ  කමිටු වාර්තාව එකහෙළා ප්‍රතික්ෂේප කරන බව වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි.

හර්ෂ ද සිල්වා මහතාගේ කමිටුව නියෝජනය කළ නියෝජතියන් සයිටම්  ආයතනයට  පක්ෂග්‍රාහී බව පෙනී යන අතර  ව්‍යාජ  ආයතනයක්  බේරා  ගැනීම සඳහා  එම කමිටුව පකෂග්‍රාහි යෝජනා ඉදිරිපත්  කර  තිබෙන බවද වෛද්‍ය  පීඨ  ආචාර්යවරුන්ගේ  සමිති  සම්මේලනය එම කමිටු යෝජනාවලට  ප්‍රතිචාර  දක්වමින්  ඉදිරිපත්  කර  තිබෙන ප්‍රකාශයේ  සඳහන් වේ.

විශ්ව විද්‍යාල සිසුන්  අධ්‍යයන කටයුතු වලින්  ඉවත්වීම සාවද්‍ය  ලෙස අර්ථ නිරූපණය කිරිමට කමිටුව උත්සහ කරමින්  තිබෙන බවද අඩුම තරමින්  විශ්ව විද්‍යාල සිසුන්ගෙන්  හෝ  ශිෂ්‍ය සංගම්වලින්  හෝ අදහස් ලබා ගෙන නැතැයි ද එහි සඳහන් වේ.

සයිටම් ගැටළුව නිරාකරණය කිරීම සඳහා පත්කරනු ලෑබු ජනාධිපති කමිටු වාර්තාව පහත දැක්වෙයි.