රෝහින්ග්‍යා සරණාගතයන් ලක‍්ෂ 5ක් බංග්ලාදේශයට
මියන්මාරයේ ඇති වූ අර්බුදයෙන් පසුව ඊයේ (29) වනවිට රෝහින්ග්‍යා සරණාගතයන් ලක‍්ෂ 5 කට අධික පිරිසක් අසල්වැසි බංග්ලාදේශයට සංක්‍රමණය වී තිබෙනවා.
ඔවුන් බංග්ලාදේශයේ කුටුපාලූන්ග්හි අක්කර දෙදහසක පමණ භූමියක පිහිටුවා ඇති තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබද ආයතනය පැවසුවේ. මොවුන්ගෙන් සියයට 18 ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවද එම ආයතනය පෙන්වා දෙනවා.
ජගත් සරණාගත ආයතනය විසින් සරණාගතයන්ට සහන සැලසීම සඳහා බංග්ලාදේශයට අමෙරිකානු ඩොලර් මිලියන 4 යි දශම 2 ක් පමණ ආධාර මුදලක්ද වෙන්කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.