ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඩේසි ආච්චිට FCIDයට ප්‍රකාශයක් ලබාදෙන්නැයි අධිකරණය නියෝග කරයි.

හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්‍ෂ මහතාගේ මිත්තණියක වන ඩේසි ෆොරෙස්ට් මහත්මියට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද නියෝග කළා. ඒ, යෝෂිත රාජපක්‍ෂ  මහතා රුපියල් මිලියන 50 ක් පමණ වටිනා ඉඩමක් දෙහිවල ප්‍රදේශයෙන් ඩේසි ෆොරෙස්ට් මහත්මිය නමින් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාළවයි.

ඒ සඳහා, ඇයගෙන් තවදුරටත් ප්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද අධිකරණය හමුවේ කරුණු දැක් වූ අතර, ඉන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය සිදු කළේ.

මේ අතර, අදාළ විමර්ශනය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පතා ඇති නමුත් එම උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව ද අදාළ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා.