මහේන්ද්‍රන්ගේ මාස 11 දත්ත හෙට දවල් 12ට පෙර බැඳුම්කර කොමිසම ඉල්ලයි
බැඳුම්කර සිද්ධියට අදාළ කාලසීමාවේ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පරිහරණය කළ ජංගම දුරකතන දෙකේ තොරතුරු නැති මාස 11ක කාලයට අදාල දත්ත හෙට (22) දහවල් 12.00ට පෙර කොමිසමට දැනුම් දෙන ලෙස කොමිසම අර්ජුන් මහේන්ද්‍රන් මහතාට නියම කළේය. අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ දුරකතන දත්ත සොයා ගැනීමට හැකියාවක් නැති බව මීට පෙර දින බැඳුම්කර කොමිසමට සහය වන අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය.
හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් සාක්ෂි විමසීමට අද සිට දින දෙකක කාලයක් අවශ්‍ය බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රශ්න ගත බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත දැනුම් දුන්නා. ඒ දෙවන දිනටත් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කළ අවස්ථාවේදීයි.
අද පෙරවරුවේ හිටපු මහබැංකු අධිපතිවරයා සාක්ෂි ලබාදීම සදහා දෙවන දිනටත් කොමිසම හමුවේ පෙනී සිටියා. මධ්‍යහන 12 පමණ වන විට කොමිසමේ කටයුතු අද දිනයට අවසන් වුණා.