ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

වැලිකඩ රැඳවියන් 27 දෙනකු ඝාතනයට ගෝඨා සීඅයිඩීයට…!

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු හමුදාපති ජගත් ජයසූරිය, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක යන මහත්වරුන් ඇතුළු තවත් ආරක්‍ෂක අංශ ප්‍රධානීන් කීපදෙනකු ඉදිරි සති දෙක තුන ඇතුළත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වෙයි.

පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ, පොලිසියේ සහ බන්ධනාගාරයේ නිලධාරීන් කීපදෙනකුගෙන් මේ වන විට ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇති බවයි.

බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනකු ඝාතනය කළ බව කියන සිද්ධියට හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය මහතා කෙළින්ම සම්බන්ධ බවට හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් චෝදනා කර තිබිණි.