ටී.බී. ඒකනායක ඉඩම් මගඩියක
පාදෙණිය – අනුරාධපුර මාර්ගයේ රිඳීබැඳිඇල්ල ප්‍රදේශයේ කුඩාගම නමින් හඳුන්වන කොටසේ පිහිටි අක්කර 24ක රජයේ ඉඩමක් ටී.බී. ඒකනායක රාජ්‍ය ඉඩම් ඇමතිවරයාගේ සෘජු මැදිහත්වීම මත පර්චස් 20ක කොටසක් රුපියල් ලක්ෂයක මුදලකට ව්‍යාපාරිකයන්ට අලෙවි කරමින් තිබෙන බව වාර්තා වේ.
මේ වනවිට 50 දෙනෙකු පමණ මුදල් ගෙවා ඇති අතර එම පුද්ගලයන් මෙම ඉඩම කැබලි කරමින් සිටිති.
“හාමුගේ වත්ත” නමින් හඳුන්වන මෙම ඉඩම සම්බන්ධයෙන් අංක 205 ගජනැග්ගම වසමේ මීට බොහෝ කළකට පෙර සිටි ග්‍රාමනිලධාරී මහතාගේ මැදිහත්වීම මත මෙම ඉඩමට අනියමින් අයිතිවාසිකම් කියූ කාන්තාවකට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ සිදු කළ නඩු කටයුත්තකින් පසුව එම නඩු තීන්දුව මගින් මෙම ඉඩම රජයට පැවරිණි.
වත්මන් පාලකයන් බලයට පැමිණි පසු එම ප්‍රදේශයේ සමාජසේවක මහතුන් කිහිපදෙනෙකු එක්වී මෙම ඉඩම සම්බන්ධයෙන් සංවර්ධන වැඩපිළිවෙලක් සකස් කර වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා වෙත ලබාදී ඇත.
ග්‍රාමනිලධාරී කාර්යාල, ප්‍රජාශාලාව, සමුපකාර බැංකුව, ආර්ථික සංවර්ධක නිලධාරී කාර්යාලය, ආර්ථික මධ්‍යස්ථානය ආදී රාජ්‍ය ආයතනවලට ග්‍රාමීය සම්බන්ධීකරණ මධ්‍යස්ථානයත් ළදරු පාසල, ස්වයංරැකියා පුහුණු මධ්‍යස්ථානය ආදී රටේ ආර්ථිකයට වැදගත් ආයත පිහිටුවීමටත් එම භූමිය ප්‍රයෝජනයට ගැනීමට හැකියාව එම යෝජනාව මගින් පෙන්වා දී තිබියදී මෙසේ කූඨ ලෙස විකුණා දැමීම විශාල ජාතික අපරාධයක් බව ප්‍රදේශවාසීහු පවසති.
කෙසේ නමුත් ඊට අදාළවද කිසිවක් සිදු නොවී ඇති පසුබිමක ඉඩම් රාජ්‍ය අමාත්‍යවරයා ඉතාමක් කූඨ ලෙස මෙම රජයේ ඉඩම කැබලිවලට විකුණමින් සිටියි.
රුපියල් ලක්ෂයක් ලබා දෙන ඕනෑම කෙනෙකුට පර්චස් 20ක කොටසක් ලබා දෙන අතර එසේ මුදල් ලබා ගත් බවට රිසිට් පතක් හෝ නිකුත් නොකරණ බවද වාර්තා වේ. තමන්ගේම කියා ඉඩමක් නොමැති සාමාණ්‍ය පුද්ගලයන් සිය කණකර පවා උකස් කර රුපියල් ලක්ෂයක් සකස් කරගෙන මෙම වත්තෙන් ඉඩම් කැබැල්ලක් ගැනීමට ගියද තමන් ලබා දෙන මුදලට අදාළව රිසිට් පතක් නොදෙන බැවින් ඔවුන් සිය මුදල් ලබා නොදී ඉඩම් සිහිනය අත්හැර නැවත පැමිණ ඇත්තේ තමන්ට මුදලත් ඉඩමත් දෙකම නැතිවේය යන බියෙනි.
රිඳීබැඳි ඇල සහ දැදුරු ඔය අතර රක්ෂිත භූමියේ වසර ගණනාවක සිට ජීවත්වන පිරිසක්ද සිටින අතර ඔවුන්ට එම රක්ෂිත භූමිය හැර වෙනම කිසිම ඉඩමක් නැත. එවැනි පුද්ගලයන්ට පදිංචියට ලබාදීමටද මෙම ඉඩම ප්‍රයෝජනයට ගත හැකි නමුත් එවැනි කිසිවක් නොකර මෙසේ ව්‍යාපාරිකයන් අතර අලෙවි කරමින් තිබේ.
මී ලඟ මහ මැතිවරණයේදී මැතිවරණය කිරිමට අවශ්‍ය මුදල් ඉපැයීමේ අරමුණෙන් ටී.බී. ඒකනායක මහතා මෙසේ සිදු කරන බවත් ඔහුගේ ලේකම්වරයෙකු විසින් මෙම මුදල් ලබා ගන්නා බවත් ඉතාමත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
Comments are closed.