ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

උමා ඔය ගැටළුව නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමයි – නෝර්වේජියානු විශේෂඥ

උමා ඔය ව්‍යාපෘතියේ ජල කාන්දුවට හේතුව නිසි ශක්‍යතා අධ්‍යයනයකින් සහ පරිසර බලපෑම් අධ්‍යයනයකින් තොරව එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම බව නෝර්වේජියානු විශේෂඥ බෙන්ට් අගාර්ඞ් පවසනවා.  උමගේ කැණීම් කටයුතුවල දී ඒ වටා ඇති බිත්තිවල විශේෂ සිමෙන්ති ආලේප කර ජලය කාන්දුවීම වැලැක්වීම පමණක් ප‍්‍රමාණවත් වී නොමැති බව ද ඔහු පෙන්වා දෙනවා. විධිමත් නම්‍යතා වැඩසටහන් හා අධ්‍යයනයන්ගේ හිඟකම ඊට හේතු වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රධාන උමගෙහි ඇති වූ ජල කාන්දුව සම්බන්ධයෙන් සොයා බැලීමට කැඳවූ එම විශේෂඥයා ඊයේ (04) පස්වරුවේ ජනාධිපතිවරයා වෙත භාර දුන් අතුරු වාර්තාවේ මේ බව සඳහන්.

උමගේ ඉතිරි කොටසේ කැණීම් කටයුතුවලට පෙර වක‍්‍රාකාරව සිමෙන්ති ආලේප කළ හැකි යන්ත‍්‍ර භාවිත කළ යුතු බවත් එහි දී දැනට භාවිත කරන සිමෙන්තිවලට වඩා ශක්තිමත් සිමෙන්ති වර්ගයක් භාවිත කළ යුතු බවත් එම වාර්තාව මගින් නිර්දේශ කර තිබෙනවා.

උමං මාර්ගයේ කැණීම් කටයුතු ජනාවාස සහිත ප‍්‍රදේශවලට පහළින සිදුවන බැවින් එම නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වන බවයි නෝර්වේජියානු විශේෂඥයා සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ.

Comments are closed.