ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

“ශ්‍රි.ල.නි.පයට සභාපතිවරුන් දෙදෙනෙක් නෑ“- ඇමති දුමින්ද දිසානායක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සභාපතිවරුන් දෙදෙනෙක් නොමැති බවත් එම පක්ෂයේ සභාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් එහි මහලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි. ඔහු මෙම ප්‍රකාශය කළේ පක්ෂයේ සභාපති පදවිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සති අන්ත මාධ්‍යයට කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයනේ පිලිතුරු දෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවියෙන් තමා අස්වීමක් හෝ අස්කර දැමීමක් සිදු වී නැතැයි පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමා තවමත් පක්ෂයේ සභාපතිවරයා වන හෙයින් තමාට පක්ෂයේ මහ සමුළුවක් වුවද කැඳවිය හැකි බව ප්‍රකාශ කළේ යැයි පසුගියදා මාධ්‍ය වාර්තාකර තිබුණි.

“හිටපු කතානායක චමල් රාජපක්ෂ මැතිතුමාගේ නිල නිවසේදී හිටපු ජනාධිපතිතුමා සහ වත්මන් ජනාධිපතිතුමා අතර ඇති වූ හමුවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය වත්මන් ජනාධිපතිතුමාට භාර දෙනු ලැබුවා. පසුගියදා රූපවාහිනී සාකච්ඡාවකදී චමල් රාජපක්ෂ මැතිතුමා ඒ බව ප්‍රසිද්ධියේ සඳහන් කළා” මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.