ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සියත, ජනයුගය, මෙන්ඩිස් අරක්කු ඇතුළු ඇලෝසියස්ගේ සියලු ආයෝජන විස්තර CID ට (EXCLUSIVE)

අර්ජුන් ඇලෝසියස් හිමිකම් දරන සමාගම වන ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් සහ ලොජිස්ටික් පෞද්ගලික සමාගම, ජාතික සංවර්ධන බැංකුව , එම්. ඩබ්. මෙන්ඩිස් ස්කාගාර සමාගම, සියත විද්‍යුත් නාළිකාව, ජනයුගය පුවත්පත් ආයතනය යන සමාගම්වල මිලදී ගෙන ඇති හෝ මුදල් යොදවා ඇති කොටස් ප්‍රමාණය හා සිදුකොට ඇති සියලු ආයෝජන සම්බන්ධයෙන් මුල සිට අග දක්වා සියලු විස්තර අගෝස්තු මස දෙවැනි දිනට පෙර නොවරදවාම කොමිසමේ විමර්ශන මෙහෙයවන රහස් පොලිස් නිලධාරීන්ට අංග සම්පූර්ණ වාර්තාවක් ලෙස ඉදිරිපත් කරන ලෙස සීමාසහිත පර්පචුවෙල් ට්‍රෙෂරීස් හා පර්පචුවෙල් හෝල්ඩින්ග්ස් යන සමාගම්වලටත් අර්ජුන් ඇලෝසියස්ටත් කොමිසම නියෝග කෙළේය.

අර්ජුන් ඇලෝසියස් විසින් කොමිසමට භාරදී ඇති විද්‍යුත් සන්නිවේදන උපකරණ සඳහා අදාළ රහස් පද (පාස්වර්ඩ්) කොමිසමට සහාය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (සී.අයි.ඩී.) පරීක්ෂණ නිලධාරීන්ට වහාම භාර දෙන ලෙස මහ බැංකු බැඳුම්කර කොමිසම ඊයේ (28දා) නියෝග කළේය. තවද මෙදින කොමිසම හමුවට කැඳවනු ලැබ සිටි පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරි…බී.ආර්. සින්නයියා මහතා කොමිසම විසින් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රවි කරුණානායක මහතාට අති සුඛෝපභෝගී මහල් නිවාසය මිලට ගෙන දීම සඳහා තමා පාර්ශ්වකරුවකු වශයෙන් ගිවිසුමට අස්සන් කරන ලද බව පිළිගත්තේය. කොමිසම හමුවේ ඇති ඊට අදාළ ලේඛන තමා පාර්ශ්වකරුවකු වූ එම ගනුදෙනුවට අදාළ ලේඛන බව ඔහු පිළිගත්තේය.